අමෙරිකාව සමඟ එළඹෙන ගිවිසුමෙන් කිසි හානියක් නෑ

Share

අමෙරිකාව සමඟ එළඹෙන ගිවිසුම් තුළින් මෙරට සෛවරීත්වයට කිසිදු හානියක් සිදුනොවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතනිය ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(23) මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් සමඟ පැවැති සාකච්ඡාවකදී.

මහනුවරට පැමිණි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතනිය ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැ දුටුවේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය හා මල්වතු මහ නා හිමියන් අතර ඇතිවු සංවාදය මෙසේය.

“එක්සත් ජනපදය ඉන්දු – පැසිෆික් කලාපයේ ගිවිසුම් ගණනාවකට එළැඹ තිබෙනවා. ඒ තුළින් සහයෝගිතාව ගොඩනැංවිම ඇතුළු කරුණු ගණනාවක් මුලික කරගනිමින්. නමුත් මේ ගිවිසුම් තුළින් රටවල සෛවරීත්වය කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැහැ. “

මල්වතු මහ නා හිමි – “දැන් ඒ ගිවිසුම අත්සන් කරලද තියෙන්නේ. “

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “අපි දැන් සලකා බලන්නේ හමුදා පැමිණිමේ ගිවිසුම සම්බන්ධව. ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරමින් පවතිනවා.

හමුදා පැමිණිමේ ගිවිසුම පරිපාලන සහ කාර්ය සම්පාදනයන් පිළිබදවු ගිවිසුමක් තවමත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ නැහැ. මේ ගිවිසුම තුළින් දෙරට අතර හමුදා පුහුණුව සහ සහයෝගිතා කරුණු මේ ගිවිසුමට ඇතුළත්වන්නේ. විශේෂයෙන් රජයේ ආරාධානාවෙන් සිදුකරනු ලබන යුද අභ්‍යාස වැනි දේවල්. “

මල්වතු මහ නා හිමි – “අපේ හමුදාවෙන් කැමැත්තක්… “

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “හමුදාවන් පැමිණිමේ ගිවිසුම ගැන ශ්‍රී ලංකාවේ හමුදාව සහ රජය සමග සාකච්ඡා කර තිබෙනවා. අදට පවතින්නේ 1995 දී අත්සන් කළ ගිවිසුමක්. එය පැරණි ගිවිසුමක් යාවත්කාලීන කළ යුතුයි.

ඒ නිසයි අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන්නේ. මම හිතන්නේ ගැටලු සහගත තත්ත්වයන් පිළිබදව සාකච්ඡා කළ යුතුයි එවිට දෙපාර්ශවයට නිසි අවබෝධයකින් කටයුතු කළ හැකිවනවා. මම දන්නවා මාධ්‍ය තුළින් ගිවිසුමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා කළා. අපේ පරමාර්ථය විනිවිද භාවයෙන් දෙරට අතර කටයුතු කිරිම. “

මල්වතු මහ නා හිමි – “සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනගන්න එපැයි.“

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය – “අපි තවම මෙය අවසන් කර නැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. එය අවසන් වු පසු අපි ප්‍රසිද්ධ කරනවා.

අනෙක් රටවල් සමගද එක්සත් ජනපදය මෙවැනි ගිවිසුම් රැසකට එළඹ තිබෙනවා. ඒ සියල්ලම අපි ප්‍රසිද්ධ කර තිබෙන්නේ. “

මෙහි භයානක බව නේ අපිටත් කියන්නේ රටටත් කියන්නේ. ඒ නිසා විනිවිද භාවයකින් මේවා කළ යුතුයි.  පහුගිය කාලයේ මතයක් ගොඩනැගුණා. සිද්ධියත් එක්ක අමෙරිකානු හමුදාව ඇවිල්ලා මේ රටේ තියන්න.“

Read more

Local News