කෝටි දෙකකට වැඩි කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී කෝටි 2කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවත්ත දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු මහබුත්ගමුව, අංගොඩ ලිපිනයේ පදිංචි වයස 34ක් වු මොහොමඩ් රහීම් මොහොමඩ් රොෂාන් නැමැති අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News