බාධක මැද වුවද රටේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ බව තලතා කියයි

Share

තම රජය විසින් බාධක මධ්‍යයේ වුවද රටේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

සිය ආණ්ඩුව විසින් සුළු පාලන කාලයක් තුළදී ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර ඇති බැවින් ඕනෑම මොහොතක බලය අත්හැරීමේ හැකියාවක් පවතින බව තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් කියා සිටියි.

තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 260 ක මුදලක් වැය කරමින් ඉදි කළ රත්නපුර, කහවත්ත, වරාපිටිය පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ(24) පෙරවරුවේ එක්වෙමිනි.‍

එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“අපි අවුරුදු තුන හමාර තුළ කළ දේ පේන්න තියෙනවා. අපිට හරියාකර ආණ්ඩුවක් නැහැ. භාග ආණ්ඩුවක් තියෙන්නේ අපි ජනාධිපතිවරණය කාලේ පුදුම බාධක රාශියක් මැද්දේ මේ පළාතේ වැඩ කළේ.

අපි අපේ ආණ්ඩුවක් ගත්තා නමුත් අපි හිතපු නැති විදිහට අපේ ආණ්ඩුව හොරකම් කරන්න හැදුවා. වෙන කෙනෙක් අගමැති වෙන්න හැදුවා. මේ අයට සමහර වෙලාවට බලය නැතිව ඉන්න බැහැ. අපිට නම් එහෙම නැහැ. අපිට ඕනම වෙලාවක ගෙදර යන්න පුළුවන්.

අපි ජනතාව සන්තෝෂ වෙන විදිහට වැඩ කරලා තියෙනවා. ආණ්ඩුව නම් ගන්න බැරි වුණා අපි අධිකරණය ස්වාධීන කරපු නිසා. අපි අපේ ආණ්ඩුව ගත්තාට පස්සේ ගංවතුර වලට මුහුණ දුන්නා නාය ගියා නියගය ආවා කුණු කදු කඩා වැටුනා .ඒ හැම දේකටම අවශ්‍ය විදිහට වන්දි ලබා දුන්නා.

දැන් ඊට පස්සේ බෝම්බයකට මුහුණ දෙනවා.

මේ විනාශය කරපු අයට අපි කියලා තියෙන්නේ තත්වයක් තරාතිරමක් නොබලා ආරක්ෂක හමුදාවට භාරදීලා තියෙන්නේ ඒ අයට දඬුවම් කරන්න.

අපි ත්‍රතවාදයෙන් බැට කාපු රටක්. ඒ ත්‍රස්තවාදයට වඩා වෙනස් ත්‍රස්තවාදයක් අද ඇවිල්ලා තියෙන්නේ. ඒදා තිබුණේ රට තුළ තිබුණු ත්‍රස්තවාදයක්. මෙහෙ පේන්ඩ ඉන්න මිනිස්සු එක්ක සටනක්

අද එහෙම නෙවෙයිනේ. අද මේක එකපාරටම ස්වර්ගයේද කොහේද යනවාලු. ඒකට යන්න අහිංසක ජනතාව මරපු ත්‍රස්තවාදයක් මේක.

මේක හොදට කල්පනාවෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක්. මේ ත්‍රස්තවාදය ආගමික ත්‍රස්තවාදයක්.

අපි කියන්නේ නැහැ මේකට හැම කෙනාම වග කියන්න ඕන කියලා. සතියක් යන්න කලින් රට යථා තත්වයට පත් කරන්න ක්‍රියා කළා.

සමහර අය යකා මවන්න උත්සාහ කළා. ඉස්කෝලේ අරින්ඩ එපා. කවුද ආරක්ෂාව තහවුරු කරන්නේ කිවුවා. මේවා ඔක්කොම පෙන්නලා දේශපාලනය කරන්ඩ හදනවා ඇයි මහ ලොකුවට ජාතිය ගැන කථා කරන උදවිය මේ වගේ ප්‍රශ්නයකදී දේශපාලනය දා ගන්නේ මේ වෙලාවේදී අපි ඔක්කොම එකට එකතු වෙන් ඕන නේද.

මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපි දැන් මේ තත්වය පාලනය කරලා තියෙනවා.

දැන් කියනවා තලතා අයි එස් අයි එස් ලු. මම කියන්න ඕන මම නම් ඕවාට බය තියා මට දැනෙන්නේවත් නැහැ .අපිට මඩ ගහන්න හැදුවත් මේ දිස්ත්‍රික්කයේ මාත් එක්ක ඉන්න අහිංසක පොළොවේ පය ගහලා ඉන්න ජනතාව දන්නවා අපේ දේශපාලනය මොකක්ද කියලා.

අපි හැම කෙනෙක්ම හොදින් ජීවත් වෙන්න ඕන කියන එකයි මට කියන්න තියෙන්නේ.

අද පක්ෂ භේදයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. අද ඕන කෙනෙකුට කැමති දේශපාලනයක් කරන්න පුළුවන් අයිතිය රට පුරාම තහවුරු කරලා තියෙනවා. අපි මේ අවුරුදු තුන හමාර තුළ කෝටි තුනකට වඩා වැඩ එක වසමකට කරලා තියෙනවා යැයි ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය.”

Read more

Local News