මෝදිගේ පදවි ප්‍රාප්තියට ජනපතිටත් ආරාධනා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට නියමිතව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලබන 30 වන දින පැවැත්වෙන නරේන්ද්‍ර මෝදීගේ පදවි ප්‍රාප්ති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත බවයි.

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා දිනයේ දුරකථනය ඔස්සේ අමතමින් සිය සුබපැතුම් එක්කර තිබෙයි.

එහිදී දෙරට අතර පවතින සබදතා පිළිබදව ද දෙරටේ නායකයින් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

සිය දිවුරුම්දීමේ උත්සවයට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

නරේන්ද්‍ර මෝදීගේ දෙවන ධුරය සඳහා දිවුරුම්දීමේ උත්සවයට රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතව ඇත.

Read more

Local News