අගමැති පොහොට්ටුවෙන් ඉල්ලීමක් කරයි

Share

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර සිටියි.

ඊයේ (24) අරලිය ගහ මන්දිරේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තේරිම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීම වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යට විවෘත කරන බවයි.

ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණි සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකතුවේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණි.

මුස්ලිම් ප්‍රජාව පැමිණ මද්‍රසා පාසල් අධ්‍යාපනය පාලනය කරන නීති කෙටුම්පතක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව සාකච්ඡා නීතිපතිවරයා සමඟ පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම ශරියා විශ්ව විද්‍යාල ලංකාවේ ඉදිකිරීමටද ඉදිරියට අවස්ථාවක් නොමැති බවත් බුර්කාව පිළිබඳ ගැටලුවත් විසදා ඇති බව ඒ මහතා පවසයි.

මෙරට ප්‍රාදේශීව සභා සහ නගර සභාවල නාම පුවරු සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාව පමණක් යෙදීමට ස්වදේශ කටයුතු ඇමතිවරයා තම නියෝග මත චක්‍රෙල්කයක් නිකුත් කළ බවත් සඳහන් කළ ඒ මහතා  වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන බවත් නිවැරදිකරුවන් නිදහස් කරන බවත් පැවසීය.

තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ප්‍රතික්ෂේප කළ බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවට සහභාගී නොවීම පිළිබඳ තමන් කණගාටුවට පත්වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මාධ්‍යට මේ සඳහා සම්පූර්ණයෙන් වාර්තා කිරීම් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියි.

Read more

Local News