ත්‍රස්තවාදයට උදවු දුන් කිසිවෙකුත් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ

Share

ත්‍රස්තවාදයට උදවු කළ කිසිවෙක් ආරක්ෂා කිරීමට තමන් සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි.

පසුගිය දිනක රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ව මුණ ගැසීමට අවශ්‍ය බව පැවසු බවත් පසුව ඒ සඳහා තමන්ගේ මාදිවෙල නිවසට ඇමතිවරයා ආ බවත් රන්ජන් රාමනායක මහතා පවසයි.

රිෂාඩ් ඇමතිවරයා නිවසට පැමිණි වෙලාව හා සී සී ටී වී දර්ශන සියල්ල තමන් සතුව ඇති බවත් පසුව ඔහුට ඇති චෝදනා පිළිබඳව ෆයිල් කවරයක් තමා වෙත ලබා දුන් බවත් ඒ මහතා පැවසීය.

ඔහුගේ නිර්දෝශීභාවය තමන්ට පෙන්වීමට ඔහුට අවශ්‍යව තිබු බවත් කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තම නිවසට පැමිණ එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කළද කිසිදු වැරදිකරුවෙකු වෙනුවෙන් තමා පෙනී නොසිටින බවත් රන්ජන් රාමනායක මහතා පවසයි.

Read more

Local News