ප්‍රදේශ කිහිපයක අදත් සෝදිසි මෙහෙයුම්

Share

අද (26) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව යුධ හමුදාව පවසයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පොලීසිය සහ ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ දිනය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 5ක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ආදාළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුධ හමුදාව සඳහන් කළේය.

ගම්පහ ප්‍රදේශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු දුම්මලසූරිය ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු කළුතරින් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාකුඹුර ප්‍රදේශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

යුධ හමුදා නිල ඇදුම් ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ කෙටි පණිවිඩ යැවීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News