NTJ සංවිධායකයෙක් හා අයෙක් අත්අඩංගුවට

Share

ජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාව මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාපාරික ස්ථානයක සේවය කළ පුද්ගලයයෙකු ළග තිබී ජාතිත තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බවට සැලකෙන සහරාන් නැමති අයගේ දේශණ ඇතුළත් සීටි පටි 2 ක්, සහරාන් නැමත්තා එවන ලද බවට සැලකෙන ලිපි 2 ක් සහිතව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී කුරුණෑගල ,කැකුණගොල්ල ප්‍රදේශයේ තවුහීද් ජමාත් සංවිධානයේ සංවිධායක බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (26) අළුයම වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කැගල්ල පොලීසිය වෙත භාර දී තිබේ.

Read more

Local News