ආනමඩුව-හලාවත මාර්ගයේ රිය අනතුරකින් 3ක් මරුට

Share

ආනමඩුව-හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.යතුරුපැදියක් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පල්ලම පොලීසිය පැවසුවේය.

අදාළ යතුරුපැදියේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබු ඔවුන් තිදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවන ආඩිගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් තිදෙනෙකි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පල්ලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News