වැලිපැන්න නිවසකින් භූගත කාමරයක් හමුවෙයි

වැලිපැන්න පොලිස් වසමේ අද  (26දා) යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුළ ඉදිකළ භූගත කාමරයක් සොයාගෙන ඇත.

වැලිපැන්න 4 කණුව, කුරුන්ද, සුනාමි ගම්මානයේ අලුතින් ඉදිකරන නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම බංකරය සොයාගෙන ඇත.

මෙම බංකරය සහිත නිවස හිමිකරුවා මීට පෙර විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක් බවත් ඔහු තවත් පාතාල කණ්ඩායමක් සමග තිබෙන්නාවූ ගැටුමක් නිසා මීට පෙර මෙම ස්ථානයේ වෙඩි තැබීම් කීපයක්ද සිදුවී ඇති බවත් පොලිස් පරීක්ෂණයෙදී හෙළිවී ඇත.