මරණ දඬුවම හා දිවි ඇති තෙක් සිරගෙට නියමවූ 13ක් බූස්ස බන්ධනාගාරයට

Share

පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටින සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ අනුව, අපරාධකරුවන් 13 දෙනෙකු ඊයේ වැලිකඩ හා මහර බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කර යැවීමට පියවර ගත් බවයි.

බූස්ස බන්ධනාගාරය තුළ ප්‍රබල පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් පමණක් දැඩි ආරක්ෂාව සහිතව රැඳවීමට ගත් තීරණය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බූස්ස බන්ධනාගාරයට යැවුණු අය අතර, ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් කිහිපදෙනෙකු ද වන බවයි.

තවත් එවැනි සිරකරුවන් පිරිසක් ඉදිරි දිනවලදී මාරු කර යැවීමට නියමිතව තිබේ.

Read more

Local News