යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණය අවසන්

Share

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් තෝරා පත්කරගැනීම පිණිස පැවැත්වූ මැතිවරණය මේ වනවිට අවසන්ව තිබේ.

මෙවර මැතිවරණයේදී ජන්ද දායකයන් 51% ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කළ අතර, දශක දෙකකට පසු මෙතරම් විශාල පිරිසක් යුරෝපා සංගමයේ ඡන්ද විමසීමට සහභාගී වූ මුල් අවස්ථාව මෙය බව සඳහන් ය.

යුරෝපා රටවල් 28 ක යුරෝපා ජාතිකයන් මිලියන 400 කට අධික පිරිසක් , දින හතරක කාලයක් පුරා පැවති මෙම ජන්දයට සුදුසුකම් ලබා සිටියේ ය.

මින් යුරෝපා සංගමයේ සාමාජිකයන් 751 දෙනා තෝරාපත්කරගැනීමට නියමිතයි .

බෙල්ජියම, ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල් එලෙස වැඩිම ජන්ද දායකයන් පිරිසකගේ සහභාගීත්වය සටහන් කළ රටවල් අතර පෙරමුණේ පසුවේ.

මෙම මැතිවරණ යුරෝපා සංගමයට පක්ෂපාතී වටිනාකම් සහ ඊට අභියෝගකරන පාර්ශව අතර සටනක් ලෙස හැඳින්විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් මැතිවරණ මත විමසුම්වලට අනුව තවමත් යුරෝපා සංගමයට පක්ෂපාතී පක්ෂ පෙරමුණේ පසුවේ.

යුරෝපා පාර්ලිමේන්තුව මගින් යුරෝපා කොමිසමේ මීළඟ සභාපතිවරයා තෝරාගන්නා අතර යුරෝපා කවුන්සිලය සමඟ එක්ව යුරෝපා සංගමයේ වාර්ෂික අයවැය ලේඛනය පිළිබඳ තීරණය කිරීමේ වගකීම ද එය සතු වනු ඇති.

මෙවර මැතිවරණයේදී යුරෝපයේ ප්‍රධාන මධ්‍යම වාමාංශික සහ මධ්‍යම දක්ෂිණාංෂික පක්ෂ වලට ආසන රැසක් අහිමිවනු ඇතැයි මැතිවරණ මත විමසුම් සඳහන් කළේ ය.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, හරිත පක්ෂය සහ ඇතැම් අන්ත දක්ෂිණාංශික පක්ෂ මෙවර ප්‍රගතියක් වාර්තා කළ බවයි .

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂය, කොන්සර්වටිව් සහ කම්කරු පක්ෂ ඉක්මවා පෙරමුණේ පසුවේ.

Read more

Local News