මහින්ද පාලන සමයේ කිසිදු බියක් තිබුනේ නෑ

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමේ අරමුණ වූයේ ආණ්ඩුව රැකගැනීම බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි.

මාතර පස්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

2009 මැයි මාසයේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ රට නිදහස් කර දීමේන් පසුව කිසිදු බයක් මේ රට තුළ නොතිබුණූ බවත්, අද වන විට පන්සල් යෑමට පවා බිය ඇතිව තිබෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද පන්සලට පවා ආරක්ෂාව දිය යුතු තත්ත්වයක් පත්ව ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා එපමණ බියකින් ජීවත් විය යුතු තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පැවසීය.

අද වන විට ජාතිය වද කිරීමේ ව්‍යාපාරයක් ඇතිව තිබෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වන විට අපේ කාන්තාවන්ට හදන දරුවන් ප්‍රමාණය පවා වෙන අය තීන්දු කරන තත්ත්වයකට අද වන විට පත්ව ඇති බව ද කියා සිටියේය.

අතීතයේ බොහෝ අවස්ථාවල විශ්වාසභංග යෝජනා ගෙනැවිත් ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගයට පමණක් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කර කථානාවකවරයා එය කල් යවා ඇති බවට ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

ආණ්ඩුවේ ඉන්න බෞද්ධ මන්ත්‍රීවරුන්ට මෙයට ඡන්දය දීමේ දී ගැටළුවක් ඇති විය හැකි බවත්, ආණ්ඩුව හා ආණ්ඩුවේ ඡන්දය රැක ගැනීමට මේ වන විට සියලු ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් ආණ්ඩුව ක්‍රියා කරන බව ද පැවසු ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා, රිෂාඩ් සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති බව ද පැවසීය.

Read more

Local News