මගේ ඇගේ තියෙන්නේ සිංහල ලේ – කබීර් හෂීම්

Share

රටවල් රැසකට තවමත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය සති දෙකක පමණ කාලයක් තුළ නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ගලිගමුව ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්ථවාදය ලංකාවට ආවේණික ප්‍රශ්නයක් පමණක් නොවන බව ද පැවසු අමාත්‍යවරයා, ගෝලීය ත්‍රස්ථවාදය යම් හේතුවක් මත අපේ රට තෝරා ගෙන ඇතැයි ද පැවසීය.

විවිධ ප්‍රශ්න මතු කල ද කවුරුන් හෝ කථා නොකරන තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, ගෝලීය ත්‍රස්ථවාදය ඇමෙරිකාවේ, එංගලන්තයේ, ජර්මනියේ තවත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර නොමැති වුවත් ලංකාව තුළ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව එය සාර්ථකව මැඩ පවත්වා ඇති බව ද කියා සිටියේය.

සති දෙකක් තුළ සම්පූර්ණයෙන් මෙම තත්ත්වය මැඩපැවැත්වා ඇති බවත් තමා මුස්ලිම් ජාතිකයෙක් බවත්, ඉස්ලාම් ආගම පිළිපදින බවත් පැවසු අමාත්‍යවරයා, නමුත් තමා ශ්‍රී ලාංකීකයෙක් බව ද පැවසීය.

මගේ ඇගේ තියෙන්නේ සිංහල ලේ යනුවෙන් ද පැවසු අමාත්‍යවරයා, ත්‍රස්ථවාදීන් තමා පිළිපදින ආගමට හෝ ඉස්ලාම් ආගමට අයිති අය නොවන බව ද  කියා සිටියේය.

එනිසා ත්‍රස්ථවාදීන්ගේ මළ මිනියවත් ඉස්ලාම් දහම අනුව වල දැමුවේ නැති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News