ශ්‍රි ලන්කන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Share

ශ්‍රී ලන්කන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

කොමිසමේ කාලය ලබන ජුනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද(27) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

2006 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී  ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින මෙම කොමිසම පත් කරනු ලැබීය.

Read more

Local News