ඥාණසාර හිමිට එරෙහි තවත් නඩුවක් අද අධිකරණයට

Share

ජනාධිපති පොදු සමාව යටතේ ඉකුත්දා නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) කැඳවා තිබේ.

ඒ, 2012 වසරේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරී කළ ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමට අදාළ නඩුවයි.

කෙසේවෙතත් පූජ්‍ය ඥාණසාර හිමියන් අද දිනයේ මෙම නඩුවට පෙනී සිට නොමැති බව වාර්තාවෙයි.

ඒ තමන් අසනීප තත්වයෙන් පසුවන බැවින් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වූ බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කර තිබේ.

මේ අතර සිද්ධියට අදාළ නඩුව ඔක්තෝබර් 21 වැනිදා දක්වා අද කල් දැමු බව වැඩ්දුරටත් වාර්තාවෙයි.

Read more

Local News