සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව අගෝස්තු 5 වනදා කැඳවයි

Share

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 05 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ෂශී මහේන්ද්‍රන් මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවේය.

මෙහිදී පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු සියලු ලේඛන මීළඟ නඩු දිනයට පෙර ලබා දෙන්නැයි විනිසුරුවරයා රජයේ පාර්ශවය නියම කළේය.

අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියම කළේය.

පසුගිය රජය සමයේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන දහහතරකට ආසන්න මුදලක් ඉකුත් ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් තරඟ වැදුණු මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ පැවති රැලියේ ප්‍රචාරක කටයුතු සඳහා වැය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News