ජර්මනිය තුළ ප්‍රසිද්ධියේ යුදෙව් හිස්වැසුම් දාන්න එපා

Share

ප්‍රසිද්ධ ස්ථානවල යුදෙව් සහ සාම්ප්‍රදායික හිස්වැස්ම පැළදීමෙන් වැළකී සිටින ලෙස ජර්මානු රජය ඉල්ලීමක් කර තිබේ.

යුදෙව් ජාතිකයන් සම්බන්ධයෙන් වර්තාමනයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය නිසා කිප්පා නමින් හැඳින්වෙන යුදෙව් ජනයාට ආවේණික හිස්වැස්ම ජර්මනියේ සමහර ප්‍රදේශවල ප්‍රසිද්ධියේ පැළඳ සිටීමෙන් වළකින ලෙස අවවාද කර තිබේ.

ජර්මානු රජයේ වාර්තාවන්ට අතර එරට වෙසෙන යුදෙව්වන් නොරුස්සන ස්වභාවයක් ජනතාව අතර ඇතිවී තිබෙන අතර, මෙය පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

ඒ අනුව, 2018 වසරේදී පමණක් යුදෙව්වන්ට එරෙහි ක්‍රියා 1,646ක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරට වඩා 10%ක වැඩිවීමක් බවද බලධාරීහු පවසති.

ඒ අනුව, මෙම අර්බුදය තවදුරටත් ඔඩුදිවීම වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ ජාතිකත්වයන් පෙන්නුම් කරන අනන්‍යතා ඇඟලුම් ප්‍රසිද්ධියේ පෙන්වීමට අවශ්‍ය නොමැති බව සඳහන් කරමින් මෙම තීරණයට බලධාරීන් පැමිණ ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Read more

Local News