සමෘද්ධි උත්සවයකට කෝටි 30ක් වැයකරන බවට චෝදනාවක්

Share

අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට සහනාධාර හිමිකම් ලබාදීම සඳහා ලබන 30 වැනිදා අම්පාර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත උත්සවයට ආණ්ඩුව රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත බවට චෝදනා කරමින් ඒ ගැන පරීක්ෂණයක් කරන්නැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

ප්‍රචාරණය, සංග්‍රහ, සහනාධාර හිමිකම් පත් මුද්‍රණය, කමිස 125 000 ක් නිර්මාණය යන කටයුතුවලට මෙම මුදල වැඩකිරීමට නියමිත යැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්. ඊ. ආර්. ටී. එම්. එස්. පී බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවා ඇති ලිපි, සමෘද්ධි සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත යොමු කරන ලද මාණ්ඩලික පත්‍රිකා ආදිය සිය පැමිණිල්ලට සාක්ෂි වශයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට ලබා දී ඇත.

සමෘද්ධි වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා නිකුත් කළ විගණන වාර්තාවේ නිරීක්ෂණ නොතකා මෙම කටයුතු කෙරෙන බවට ද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News