2019 ලෝක කුසලාන තරඟාවලිය හෙටින් ඇරඹෙයි

Share

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වෙයි.

එංගලන්තයේදී හා වේල්සයේදී පැවැත්වෙන මෙවර තරගාවලිය ලබන ජූලි මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස පළමුවනදා නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

Read more

Local News