ප්‍රහාරය ගැන සෙවීමේ තේරීම් කාරක සභාවට ආරක්ෂක ලේකම් කැඳවයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වුණි.

මාධ්‍යවේදීන් සදහාද මෙම කාරක සභාව විවෘතව පැවතීම විශේෂත්වයකි.

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(29) උදෑසන 9.00 රැස් වුණි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඊට අදාළව විවිධ පාර්ශ්ව වලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරනු ඇත.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, රවී කරුණානායක, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නලීන්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්  විශේෂ කාරක සභාව නියෝජනය කරයි.

මෙම විශේෂ කාරක සභාවට අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා කැඳවනු ලැබුවේය.

Read more

Local News