හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Share

කලක් තිස්සේ නාඋල පොලීසියට අව්‍යව සිටි හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාඋල කණුමුලයාය ප්‍රදේශයේ පදිංචි අවුරැදු 30ක පමණ පුද්ගලයෙකු බව නාඋල පොලීසිය පවසයි.

සැකකරු කලක් තිස්සේ පොලීසිය මගහරිමින් සිට ඇති බවට නාඋල පොලිස්ථානයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් තිබු බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසියේ විශේෂ පරික්ෂණ කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read more

Local News