ගම රැකුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share

ජාතික ආරක්ෂාවට සහය වීම සඳහා “ ගම රැකුම “ සංවිධාන ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආරම්භ කිරීමට අදාල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ එම යෝජනාවට අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

පාස්කු ඉරුදින  ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය යලි යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ සිත් තුළ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බව සඳහන්ය.

ඒ සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය අවශ්‍ය බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා බලධාරීන්ට සහය විය හැකි “ගම රැකුම“ නමින් ස්වෙච්ඡා ජනතා සංවිධානයක් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවීම සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම එමඟින් අපේක්ෂා කෙරෙන බව සඳහන්ය.

Read more

Local News