සමෘද්ධි ප්‍රතිලාභ සැලසීමට රජය සැලසුම් කරයි

Share

සමෘද්ධි ප්‍රතිලාභ වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 6ක ප්‍රමාණයක් සඳහා ප්‍රතිලාභ සැලසීමට රජය සැලසුම් කර ඇත.

ඉදිරි තෙවසර තුළ පවුල් 500 000ක් සවිබල ගැන්වීමටත්, නිෂ්පාදන ව්‍යාපෘති 50 000ක් ක්‍රියාත්මක කිරීමටත් යෝජිතව ඇත.

සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත් වන ප්‍රදේශ තුළ අපනයන ගම්මාන 5 000ක් ස්ථාපිත කිරීමට ද නියමිතව ඇති අතර ඒ මඟින් ආර්ථික බෝග හා අපනයන බෝග නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා සිදුකිරීමට පියවර ගෙන ඇති බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත.

Read more

Local News