ගාලු කොටුවේ සංවර්ධන කටයුතු අරඹයි

Share

උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාලු කොටු පවුරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

ගාලු උරුමය පදනම හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා සම්බන්ධීකරණයෙන් සිදුවන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු පළමුවන අදියර යටතේ ද දෙවන අදියර යටතේ කොටුවේ උද්‍යාන අලංකරණය, භූ දර්ශන සැකසීම හා විදුලි ආලෝක පහන් සවිකිරීම ද සිදුකෙරේ.

දෙවන අදියර යටතේ ගාල්ල කොටුව සංචාරක ආකර්ෂණ  කලාපයක් බවට පත්කිරීම සඳහා ප්‍රවේශ පථයක් සකස් කිරීම හා පැරණි යුධකාමර සංචාරක උරුම ගැලරි බවට ප්‍රතිසංස්කරණය කිරීමට ද යෝජනා කර තිබෙන බව ගාලු උරුමය පදනම පවසයි.

Read more

Local News