අසාද් සාලිගෙන් කොළඹ නාගරික කොමසාරිස්ට බලපෑම් ?

Share

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ලැබෙන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්  වී.කේ.ඒ. අනුර මහතා පවසයි.

මේ පිළිබඳ අද (29) ඔහු කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.‍

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිලි කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද රාජගිරිය සදහම් සෙවණේ දී මාධ්‍ය හමුවක් පැවැත් විය.

නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාද ඊට එක්ව සිටියේය.

Read more

Local News