ප්‍රහාරයෙන් පසු බස් ආදායම පහළට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බස් රථවල ආදායම අඩුවී තිබෙන නිසා සමස්ත බස් රථවලින් 85% කට ලීසින් වාරික ගෙවාගැනීමට නොහැකි වී තිබෙන බව බස් සංගම් සඳහන් කරති.

මේ නිසා මාස 03 ක ලීසින් වාරික සහන ලබාදීමට දින 07 ක් තුල ආණ්ඩුව මැදිහත්  නොවුනහොත් ජුනි 05 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ ධාවනයෙන් ඉවත් කරගන්නා බව බස් සංගම් අද (29 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.

අදාළ සහනය ලබාදෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යංශයෙන් හා මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටි බවත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

Read more

Local News