මෝදිගේ පදවි ප්‍රාප්තියට සහභාගී වෙන්න ජනපති ඉන්දියාවට

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීයාව බලා පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන 08.20ට පමණ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වෙයි

ජනාධිපතිවරයා සමග 12 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් ද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය අද(30) පස්වරුවේ රාෂ්ට්‍රපතිභවන් හිදී පැවැත්විමට නියමිත අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එම උත්සවය සඳහා සහභාගීවිමට නියමිතයි.

Read more

Local News