ත්‍රීරෝද-කන්ටේනර් අනතුරකින් එකම පවුලේ 3ක් මරුට

Share

පුත්තලම, ත්‍රිකුණාමලය මාර්ගයේ සිංහාරගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලීසිය පැවසුවේය.

ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කලකරඹෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ 12 හැවිරිදි පිරිමි දරුවා බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොච්චියාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News