ලොරි රථයක ගැටී කාන්තාවක් මරුට

Share

නවගමුව, කඩුවෙල මාලඹේ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී කඩුවෙල සිට මාලඹේ දෙසට ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

අනතුරෙන් පසු බරපතළ තුවාල ලබා කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙන බවටයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වු අයෙකි.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News