කුරුණෑගල වෛද්‍යවරයාගේ සැත්කම් ගැන කමිටුව වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

Share

කුරුණෑගල ශික්ෂණ රොහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කමිටුවේ අතුරු වාර්තාවක් අද(30) සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විතයි.

කමිටුව මේ වනවිටත් පාර්ශව රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේය.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින්  කුරුණෑගල ශික්ෂණ රෝහලට මව්වරුන් 200 දෙනෙකු මේවන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Read more

Local News