ඥාණසාර හිමියන් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස් කරයි

Share

තලාහේන ප‍්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රන්මාල කොල්ලකෑ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවක් අද නැවත තහවුරු කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණය විසින්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණා.

එහෙත් එම අභියාචනය ඉල්ලා අස්කර ගැණුනු අතර ඒ අනුව එම අභියාචනය නිෂ්ප‍්‍රභ කෙරුණා.

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි මෙම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නැවත තීන්දු කළේය.

Read more

Local News