මුදල් ආරවුලක් නිසා පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Share

ගොඩකවෙල, මැද්දේගම ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වෙයි.

ඔහු ඊයේ(30) රාත්‍රී අදාළ නිවස වෙත ගොස් ඇති අතර කලක සිට පැවති මුදල් ආරවුලක් හේතුවෙන් නිවෙස් හිමියන් සමඟ ගැටුමකට මුහුණ දී ඇත.

එහිදී උදැල්ලකින් සහ අලවංගුවකින් පහර කෑමට ලක්ව ඔහු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මැද්දේගම යහලවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතන සැකකරු ද තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News