රිෂාඩ්ට එරෙහිව විරෝධතා පා ගමනක්

Share

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරෝධය පල කරමින් අද(31) ගාල්ල හික්කඩුව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විසින් විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත.

ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය පෝෂණය කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයට සියලුම මැති ඇමතිවරුන් එක්විය යුතු බවට බලකරමින් මෙම විරෝධතාව පවත්වා ඇත.

හික්කඩුව බස් නැවතුම්පොළ ඉදිරිපිට බැණරයක් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස සිය විරෝධය පල කර සිටියේය.

Read more

Local News