දකුණුදිග අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට රුසියාව එක්වෙයි

Share

ආජන්ටිනාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් පසුගියදා දකුණුදිග අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වූ අතර සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට රුසියාව ද එක්ව සිටි. එය අතුරුදන් වන අවස්ථාවේ නාවිකයන් 44 දෙනෙකු ගමන් කරමින් සිටි බව සදහන් ය.

රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් සෝදිසි කිරීමේ මෙහෙයුම්වලට අවශ්‍ය නෞකාවක් සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් ලබා දෙන බවට තමාට පොරොන්දු වූ බව ආජන්ටිනා ජනාධිපති මොරිෂියෝ මැක්රි ප්‍රකාශ කළේය.

සබ්මැරීනය අතුරුදන්වූ ප්‍රදේශයෙන් ලැබෙන සංඥාවක් පිලිබද එරට නාවික හමුදාව පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News