බඩුත් එක්ක හොරු අහුවුණාම සමනල න්‍යාය කි‍්‍රයාත්මක කරනවා

Share

ගැහැවුවයි කියා අහිංසකයින් සුමාන ගණන් හිර කරගෙන ඉන්නා  රජය බඩුත් එක්ක හොරු අහුවුණාම සමනල න්‍යාය කි‍්‍රයාත්මක කරමින් ඇප ලබා දෙන බව  ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා  අද (31) පැවසීය.

ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේ උඩුගම්පලදී පැවති මාධ්‍ය හමුවකදීය. ඒ, අත්අඩංගුවට ගන්නා ඇතැම් අය ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමට පිළිතුරු වශයෙනි.

රණතුංග මහතා මෙසේද කීය.

තේරීම කාරක සබාව මගින් වරදකරුවන්ට සුදු හුණු ගාන්නට ජනමාධ්‍ය උපයෝගී කර ගැනීම අද රටට හානියක් වෙලා. මේ සිදුවූ ප‍්‍රහාරයට රජය වගකියන්න  ඕන බව රටම දන්නවා. අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ.

අද අගමැතිවරයා විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන ලබා දෙන්නට යන්නේ තව මාස කිහිපයකින් එම තැනට එන්නට සිදුවන බව දන්නා නිසයි. දැන් වාහනය ඇණවුම් කළාම එන්න මාස තුනක් විතර යනවා.මහින්ද රාජපකෂ මහතාට ආරක්ෂාව දෙන්න  ඕනකම තිබුණා නම් වසර තුන හතරක් තිබුණේ. මෙතෙක් කළේ හිරේ දාන්න නඩු දාන්න වගේ හානිදායක දේ විතරයි.

ඉදිරි මැතිවරණවලදී අපේ න්‍යාය පත‍්‍රයට එකග  ඕන කෙනෙක් එකතු කරගන්නවා. ඒ එක නීතියක් එක රටක් පිළිගන්නවා නම් විතරයි.
රජයේ කඩා වැටීම රජය ගොඩ එන්න රජයේ ආයතන හා රජයේ මුදල් යොදා ගන්න පටන් අරන්. අලුතින් සමෘද්ධි ලබාදීමේ උත්සව වියදම් සදහා සමෘද්ධිලාභින්ගෙන් රුපියල් 500 ක්  බැගින් අය කර ගන්න අද රජය චක‍්‍රලේඛයක් නිකුත් කරලා. මේ මුදල් යොදා ගන්නේ දේශපාලකයන්ට කන්න බොන්න දෙන්නයි.

මේ සඳහා වැය කරන රුපියල් ලක්ෂ 3000 න් තවත් විශාල පිරිසකට සමෘද්ධිය දෙන්න පුලුවනි.ඒ වගේම වගකීම් විරහිත පෝස්ටරයක් සමෘද්ධී නිලධාරීන් ලවා ගමේ ඇලවීඹට කටයුතු කරනවා. මේ පෝස්ටර් ඇලවීම  ප‍්‍රතික්ෂේප කරන්න  ඕනෑ.

මේ සඳහා රජයේ මුදල් විනාශ කරන්න පියවර ගත් සැමට ඒ අය ගෙනා එප් සී අයි ඩී ය හරහාම අපේ රජයක් යටතේ නීතිය කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරනවා.” යැයිද ඒ මහතා පැවසීය.

Read more

Local News