දේශපාලන හා ආරක්ෂක කටයුතු ඇමෙරිකානු සහකාර ලේකම් ලංකාවෙ සංචාරයක

Share

දේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර්  මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මැයි 29 දා සිට ජුනි 7 දා දක්වා ඔහු  සිංගප්පූරුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

සහකාර ලේකම්වරයා රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ. එහිදී ආරක්ෂාව, සාමය, බිම්බෝම්බ ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීම ඇතුළු දෙරටේ උන්නතියට හේතුවන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

Read more

Local News