රතන හිමියගෙන් ජනපතිට ලිපියක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (31) දළඳා මාළිගාව අභියස උපවාසයක් ආරම්භ කළේය.

ඒ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එම ධුර වලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වන්ද්‍යකරණය කළ බවට එල්ලවන චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින්.

රතන හිමියන් පවසන්නේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව සිදුකරන උපවාසය නවතා නොදමන බවයි.

අද පෙරවරු 09 ට පමණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩමකළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පළමුව දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු පෙරවරු 10.15ට පමණ රතන හිමියන් උපවාසය ආරම්භ කළේ මහමළුවේ බෞද්ධ ධජය ඔසවන ස්ථානයේදී.

ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින්.

මෙම ඉල්ලීම් සහ උපවාසය සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ටද යොමු කර තිබේ.

 

Read more

Local News