මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ උපවාසයට, හිමිවරු දෙනමක් සහය පලකරයි

Share

මඩකලපු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස් වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේ ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් අද (2) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ  භික්ෂූන් වහන්සේලා දෙනමක් ද එක්වුහ.

අමාත්‍ය රිෂාඞ් බදියුදින් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කිරිම ඇතුළුව ඉල්ලීම් හතරකට බල කරමින්  අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පල කිරිමට මෙම උපවාසය ආරම්භ කර ඇත.

ඒ අනුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර යන භික්ෂූන්වහන්සේලා වේ.

උපවාසයට එක් වෙමින් භික්ෂුන් වහන්සේලා පැවසුවේ අන්තවාදී මුස්ලිම් අන්තවාදින් අමාත්‍යවරුන්ට ලබා දුන් තනතුරු වලින් ඔවුන් ඉවත් කරන ලෙසත් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදින්ගේ බලයෙන් දෙමළ හා සිංහල ජනතාව බේරා ගැනිමට ජනපතිවරයා සහ අගමැතිවරයා වහා ක‍්‍රීයා කළ යුතු බවයි.

Read more

Local News