රතන හිමිට සහය පලකරම්න් පොළොන්නරුවේ භික්ෂුන් වහන්සේලාත් උපවාසයේ

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරිම ඇතුලුව ඉල්ලීම් හතරකට බල කරමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහාය පළ කිරිමට පොළොන්නරුව ලංකාපුර ශාසනාරක්ෂණ බලමණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී ශාඛිභා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි අද (03) දින බි.ඕ.පි. 400 නගරයේදි උපවාසයක් ආරම්භ කර ඇත.

මේ සඳහා පොළොන්නරුව ලංකාපුර ශාසනාරක්ෂණ බලමණ්ඩලයට අයත් විහාරස්ථාන රැසක ස්වාමින් වහන්සේලා සහභාගි වි සිටි.

මෙම උපවාසයට සහයෝගය දැක්විම සඳහා බි.ඕ.පි.400 නගරයේ සියලුම වෙළඳසැල් අද  දින පස්වරුවේ වසා දැමීමට වෙළඳ  සංගමය තිරණය කර ඇත.

උපවාසයට එක්වෙමින් භික්ෂුන් වහන්සේලා පැවසුවේ අන්තවාදී මුස්ලිම් අමාත්‍යවරුන්ට ලබා දුන් තනතුරු වලින් ඔවුන් ඉවත් කරන ලෙසත් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදින්ගේ බලයෙන් දෙමළ හා සිංහල ජනතාව බේරා ගැනිමට ජනපතිවරයා සහ අගමැතිවරයා වහා ක්‍රියා කළ යුතු බවයි.

Read more

Local News