රතන හිමි වෙනුවෙන් බස් වර්ජනයක

Share

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් කළුතරින් සහ අළුත්ගම්න් ආරම්භ වන මගි බස් රථ ධාවනය නොවන බව වාර්තා වෙයි.

අද(03) උදෑසන සිට දුරගමන් සේවා බස් රථ හැර අනෙකුත් සියලුම බස් රථ මෙලස ධාවනය නොවන බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ හේතුවෙන් අද උදෑසන රාජකාරී සඳහා පිටත්වීමට පැමිණි මගී ජනතාව අසීරුතාවයකට පත්ව ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් රථන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(03) සිව්වන දිනටත් මෙලෙස උපවාසයේ නිරත වෙයි.

රතන හිමිට සහය පළ කරමින් මාතලේ නගරයේද සියලුම වෙළඳසැල් වසා දමා ඇති වාර්තා වෙයි

 

Read more

Local News