ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක්

Share

ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් මේ වන විට පැවැත්වෙයි.

අද (04) උදෑසන 10.30 ට පමණ මෙම රැස්වීම රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

මෙම සාකච්ඡාව සදහා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සෙසු සාමාජිකයින් වන සැමුවෙල් රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් ජයන්ත අබේසේකර යන මහත්වරුන් එක්ව සිටින බව සදහන්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බව වාර්තා වන්නේය.

එමෙන්ම දැනට සිදු කෙරෙන ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති.

Read more

Local News