වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700ක් සොයාගනී

Share

අද(04) අළුයම ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක් සොයාගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමක දී මන්නාරම, ඉලුප්පුකඩවෛ, අන්තෝනියාපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නිවස පිටුපස ඉඩමෙහි වලදමා තිබු කේරළ ගංජා ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයෙකු වන මෙම නිවෙස් හිමිකරු සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ඉලුප්පුකඩවෛ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News