බාල දේශපාලනය අපි කරන්නේ නෑ

Share

නාගරික සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයට ණය නොමැති බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“කොළඹ කුණු ප්‍රශ්නය විසදන්න අධිෂ්ඨානයක් තිබුණේ නෑ.

කුණු ටික එකතුකරගන්න බැරුව දහස් ගණන් ඩෙංගු රෝගීන් බිහිවුණා.

ඒ මිනිස්සු පිළිබඳ අනුකම්පාවෙනුයි අපි මේක භාරගත්තේ.

අද බොහෝඅය රජයේ අරමුදල් යොදවලා සිදු කරන දේවල් මහා විශ්වකර්ම ලෙස පෙන්වනවා.

නමුත් නාගරික සංවර්ධන අධිකාරිය භාණ්ඩාගාරයට ණය නෑ.

අපි අපේ ආයතන ලාභ උපයන ආයතන ලෙස ගෙනියනවා.

කිසිම දේශපාලන පත්වීමක් අපි දීලා නෑ.

ඒ බාල දේශපාලනය අපි කරන්නේ නෑ.

ඒ වෙනුවට අපි ජනතාවගේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න තීරණය කළා සද්ද බද්ද නැතුව.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News