නීති විරෝධි මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නීති විරෝධි මත්ද්‍රව්‍ය ලීටර් එක් ලක්ෂ එක්දහස් දෙසිය පනහක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී 23 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී සැකකරු සතුව තීබී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය බෝතල් 135ක් සොයාගෙන තිබේ.

ඔහු අද(06) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලම්පිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News