මංගලට මාතර විහාරස්ථාන තහනම්

Share

ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහාරස්ථානයකට පැමිණීමට ඉඩ නොදීමටත් ඒ මහතා සහභාගීවන උත්සව වර්ජනය කිරීමටත් මාතර  ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (05) තීරණය කළහ.

ඒ අනුව කටයුතු කරන බවට මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරු මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ප්‍රතිඥාවක්ද ලබා දුන්හ.

අදාළ නියෝගය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථානවල, ආරණ්‍ය සේනාසනවල, මෙහෙණී ආරාම ඇතුළු සියලුම බෞද්ධ සිද්ධස්ථාන තුළ කිසිදු කටයුත්තකට සහභාගී නොකර ගැනීමට මෙහිදී තීරණය කළහ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මහා සංඝරත්නය ඊයේ (05) මාතර සුදර්ශී පිරිවෙණේ සිට විරෝධතා පා ගමනක් ද පැවැත්වූහ. පසුව උන් වහන්සේලා මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයකද නිරත වූහ.

Read more

Local News