ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන්ට නඩු

Share

හදිසි නීතිය යටතේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

දැනට රට තුළ ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි යටතේ මෙය සිදුකළ හැකි බවයි සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ එවැනි යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

Read more

Local News