මරාගෙන මැරුණු ඊබ්‍රහිම් බහාලුම් සොරකමක සැකකරුවෙක්ද ?

Share

පාස්කු ඉරිදින ප‍්‍රහාරයේදී මරාගෙන මැරුණූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා රුපියල් ලක්ෂ 62ක ඇලුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුලූ කන්ටේනර් බහාලූමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක  ප‍්‍රධාන සැකකරු බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.
 
ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවේ ඉකුත් ජනවාරි මස 29 වැනිදා නඩුව යළි කැදවූ අවස්ථාවේදී මෙහි ප‍්‍රධාන සැකකරු වූ අංක 658/90,  මහවිල ගාඩ්න්, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයෙහි පදිංචිව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

රුපියල් 6,166,525ක් වටිනා ඇලූමීනියම්, පිත්තල සහ යකඩ අඩංගු කන්ටේනර් බහාලුමක් සොරකම් කළැයි ඉකුත් 2013 වර්ෂයේ මැයි මස 30 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් හත්දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.

මෙම සිද්ධියේ අනෙක් සැකකරුවන් වූයේ, අංක 654, බේස්ලයින් පාර, දෙමටගොඩ, කොළඹ 09  පදිංචි අබ්දුල් කාදර් මොහොමඩ් මන්සූර්, අංක 84/4 බී, මාලිගාවත්ත පටුමඟ, කොළඹ 10 ලිපිනැති මොහොමඩ් බුහාරි මොහොමඩ් සුවාර්, අංක 74/1, වරාගොඩ පාර, කැලණිය ලිපිනැති කොඩිතුවක්කු හෙට්ටිආරච්චිගේ අතුල දසනායක, අංක 36/69 නවලෝක උද්‍යානය පුරය, ඔලියමුල්ල, වත්තල ලිපිනැති මොහොමඩ් නසීර් මොහොමඩ් අස්ලම්, අංක බී 3/11, සමගිපුර මහල් නිවාස, ග‍්‍රැන්ඩ්පාස්, කොළඹ 14 ලිපිනැති නවගමුව දේවගේ ජිනේස් නාලක සහ අංක 92/2, විද්‍යාල මාවත, කොටහේන, මාන්නක්කාර මොප්පු ආරච්චිගේ කෞශල්‍ය බුද්ධි පෙරේරා හෙවත් ‘කව්වා’ නැමැත්තන්ය.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළව මුල් අවස්ථාවේදී නිතිපතිවරයාගේ උපදෙස් ප‍්‍රකාරව මෙහි හත්වැනි සැකකරු නඩුවෙන් මුදා හැර ඇතැයි ද අධිකරණයේදී සදහන් විය.

Read more

Local News