අගමැති සහ ඉන්දීය විදේශ ඇමැතිනී අතර හමුවක්

Share

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අද්විතීය මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී  අද (24) පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවන් හි දී අවධාරණය කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගැණුනු අතර, ඉන්දු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Read more

Local News