ෂැංග්‍රිලා බෝම්බකරු ඇතුළු හයකට එරෙහි පැමිණිල්ලකට නීතිපති උපදෙස් විමසිමට දිනදෙයි

Share

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් ඉම්සබ් නමැත්තා ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහි පැමිණිල්ලක් නීතිපතිවරයාගේ උපදෙස් විමසීම සඳහා ලබන සැප්තැම්බර් මස 10 වන දා කැඳවන මෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද(06) නියෝග කළේය.

2013 වසරේ රුපියල් ලක්ෂ 61කට අධික වටිනාකමකින් යුත් ඇලූමිනියම් සහ තඹ අඩංගු කන්ටේනරයක් සොරකම් කළේ යැයි කියමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින්.

එම නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පොලීසිය අධිකරණය දන්වා සිටියේ නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බවයි.

ඒ අනුව පැමිණිල්ල නැවත සැප්තැම්බර් 10 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව වාර්තා කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

Read more

Local News